Change the way you think

on Saturday, July 31, 2010

කුඩා අවදියේ පටන් දෙමාපියන් තම දරුවන්ට කියන්නේ,
Pass the O/L
Pass the A/L and go to campus
Get a degree and
Find a job (=be a slave)
මෙම ක්‍රමය තුළින් කිසිදා ශ්‍රී ලංකාව දියුණු කළ නොහැක. නූගත් දෙමාපියන්ගේ මෙවැනි පටු අදහස් නිසා රටට බිහිවන්නේ මාස් පඩියට හිඟා කන ජාතියකි. 
අපි මෙම ක්‍රමය වෙනස් කළ යුතුය. 
පාසැල් අධ්‍යාපන ක්‍රමය තුළ මුදල් සෙවිය හැකි ආකාරය උගන්වන කිසිදු විෂයක් ඇතුළත් කර නොමැත. රජයේ විශ්ව විද්‍යාල වල පවා නොමැත. රජයේ විශ්ව විද්‍යාල වලට තේරෙන්නේ උසස් පෙළට ලකුණු වැඩියෙන් ලබාගත් පිරිසයි. ඇත්ත වශයෙන්ම ඔවුන් අවාසනාවන්තයන්ය. ඔවුන්ට නිරපරාදේ වසර 5ක් ගෙවීමට සිදුවේ. අවසානයේ ඔවුන්ට හිමිවන්නේ පොතේ උපාධියක් පමණි. ඉන්පසු ඔවුන් ජීවිතයේ වටිනාම අවදිය රැකියා පසුපස හඹා යමින් ගත කරයි. බොහෝ දෙනාට ලැබෙන්නේ ජොබ් කට්ටකි. එබැවින් මෙම ක්‍රමය තුළින් රටක් දියුණු කිරීම විහිළුවකි. 

මෙය වෙනස් කරන්නේ කෙසේද? 
පළමුව අප රටේ ජනතාවගේ ආකල්ප වෙනස් කළ යුතුය. 
දෙවනුව Professional Education ලබා දෙන ආයතන මේ රටේ බිහි කළ යුතුය. දැනට මේ රටේ එවැනි ආයතන ඇත්තේ ඉතා අතළොස්සකි. එයිනුත් රටට දැනෙන පරිදි ඉතා විශාල සේවයක් කරන්නේ IJTS ආයතනය පමණි. රටේ සිසුන් සියල්ලටම Professional Education ලබා දීමට එය පමණක් ප්‍රමාණවත් නොවේ. තවත් මෙවැනි ආයතන, පෞද්ගලික විශ්ව විද්‍යාල මේ රටේ බිහි විය යුතුය. එමගින් සිසුන්ට ඉගැන්විය යුත්තේ ආදි කාලයේ විෂයයන් නොව නවීන තාක්ෂණයයි. සිසුන්ට ජාවා තාක්ෂණය ලබා දීමට IJTS ආයතනය සමත් වූවා වගේම අනෙකුත් තාක්ෂණික විෂයයන් සිසුන්ට ලබා දීමට පෞද්ගලික විශ්ව විද්‍යාල බිහි විය යුතුය. 
උදා:- Other Information Technologies, Nano technology, Nuclear technology, New Engineering subjects, etc. 

තෙවනුව සිසුන්ට ව්‍යවසායකත්ව පුහුණුව ලබා දිය යුතුය. එමගින් නුදුරු අනාගතයේ ශ්‍රී ලංකාව තුළ තරුණ විද්‍යාඥයන් හා රැකියා දීමට සමත් තරුණ ව්‍යවසායකයන් බිහි වේ. ශ්‍රී ලංකාව තුළ ලෝකයට ලබා දිය හැකි නව නිර්මාණ බිහි වේ. එමගින් අපේ මවුබිම සංවර්ධිත රටක් පමණක් නොව ලෝකයේ සංවර්ධනය අතින් ඉහලම රටවල් වලට පවා අභියෝගයක් වෙයි. අප රටේ දුප්පත් ජනයා මෙහෙකාර සේවය සඳහා පිටරට යැවීම වෙනුවට පිටරට සුද්දන් අප රටට ගෙන්වා වැඩ ගත හැකි අවුරුදු 5000කට පෙර අතීතයේ මෙන් සාඩම්බර සිංහල ජාතියක් බිහිවනු ඇත. 

මෙම ක්‍රමය හැර ශ්‍රී ලංකාව දියුණු කළ හැකි වෙන ක්‍රම නොමැත. ඔබ රටට ආදරය කරන අයෙක් නම් මෙම පණිවිඩය සමාජය තුළට ගෙන යාමට සහාය වන්න.

0 comments:

Post a Comment